රන්වන් ගොයමින් අනූන වූ කෙත් යායවලින්ද,ශීත නිල්වන් ජලයෙන් පිරී ගිය වැවකින්ද,ඉතා නිස්කලන්ක,ශාන්ත වූ පින්බිමකින්ද සැදුම්ලත් රිටිගහයාය ගම්මානයේ පිහිටා තිබෙන රිටිගහයාය මහා විද්‍යාලය ඉතා නැණවත් මෙන්ම ගුණවත් රටට වැඩදායි වූ දරු පරපුරක් රටට දායාද කරන,ප්‍රදේශයටම ආලෝකයක් වූ ඉතා අගනා විදු බිමක් බවට පත්ව ඇත.
දකුණු සිරිලක රෝහණ පුරවරයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශයේ රිටිගහයාය නම් සුන්දර ගම්මානයේ කෘෂි කාර්මික ජීවන රටාවකට උරුමකම් කියු පවුල් අසුවක පමණ ජන සමූහයාගේ නැණ පහන් දල්වනු පිණිස 1955 ජනවාරි 03 දින සිසුන් 04 දෙනෙකුගෙන් ආරම්භ කල හ/රිටිගහයාය මහ විදුහල 1956 වර්ෂය වන විට සිසුන් 63 ක් දක්වා වර්ධනය විය. මේ කාලය වන විට පාසල සතු වූයේ අඩි 18 x 25 කටු මැටි ගැසූ තාවකාලික ගොඩනැගිල්ලක් පමණි. 1956 වර්ෂය වන විට වර්ග අඩි 2400 වූ ප්‍රධාන ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ විය. මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 367 දක්වා ද ගුරු මණ්ඩලය 12 දක්වා ද වර්ධනය විය.
1961 දී ශිෂ්‍ය සංඛ්‍යාව 425 දක්වා වර්ධනය වූ අතර මුල් වරට අ.පො.ස (සා.පෙළ) සදහා සිසුන් ඉදිරිපත් වූයේ ද මෙම වර්ෂයේදීය. මෙසේ සීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කල මෙම පාසල 1981 දී මහා විද්‍යාලයන් බවට උසස් කරන ලදී. එහිදී සිසුන් 07 දෙනෙකු අතරින් 02 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීමත් සමග පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව තව දුරටත් වර්ධනය විය.
වර්ෂ 1977 විද්‍යාගාර, පුස්තකාල, කෘෂී විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර ආදි පහසුකම් ලැබීමත් සමග ප්‍රදේශයේ අභිමානවත් පාසලක් බවට පත් වූ අතර 2004 වර්ෂය වන විට ගුරු මණ්ඩලය 34 දක්වා ද ශිෂ්‍ය සංඛ්‍යාව 726 දක්වා ද වර්ධනය විය. වර්ෂ 2007 දී ඉසුරු පාසල් ව්‍යාපෘතිය යටතේ තව දුරටත් සංවර්ධනය වූ මෙම පාසලේ ප්‍රාථමික අංශය වෙන්කර වෙනම පාසලක් ලෙස පවත්වාගෙන යාමට සිදු විය. ඉන් අනතුරුව ද්වීතික පාසල් 1000 ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ලෙස ද මෙම පාසල සංවර්ධනය වූ අතර ඒ අනුව මෙම පාසලලේ මානව හා භෞතික සම්පත් තව දුරටත් සංවර්ධනය වෙමින් පවතින අතර උසස් පෙළ ගණිත විද්‍යා අංශ ද 2014 වර්ෂයේ සිට ආරම්භ විය.
.
ආරම්භ කළ වර්ෂය |
1955 ජනවාරි 03 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
04 |
මුල් ගුරුතුමාගේ නම |
D.P. ඇතුලත්මුදලි |
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
හ/රිටිගහයාය ම.වි. |
පාසල භාරව කටයුතු කිරීම |
|
පාසල රජයට පවරාගත් දිනය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
අඩි 18 x 25 කටු මැටි ගැසූ තාවකාලික ගොඩනැගිල්ලක් |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |