හ/රිටිගහයාය මහා විද්‍යාලය

නිර්මාතෘවරු

අභිනවයෙන් ඉදිවන බුදු මැදුර වීවෘත කිරිම

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ D.T.A ගුනසේකර රාලහාමි මහතාගේ ධන පරිත්‍යාගයෙන් නව 1955 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1956 දෙසැම්බර් 31 දින තෙමහල් ගොඩනැගිල්ලක්ඉදිකරවා ඇත.වර්ෂ 1940 දෙසැම්බර් 20 වැනි දින මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ K.A පියවතී. එතුමන් සමග මොහොට්ටි මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. ප්‍ර දේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් ගම්මුලාදෑනී S.P දියෝනිස් මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.