රන්වන් ගොයමින් අනූන වූ කෙත් යායවලින්ද,ශීත නිල්වන් ජලයෙන් පිරී ගිය වැවකින්ද,ඉතා නිස්කලන්ක,ශාන්ත වූ පින්බිමකින්ද සැදුම්ලත් රිටිගහයාය ගම්මානයේ පිහිටා තිබෙන රිටිගහයාය මහා විද්‍යාලය ඉතා නැණවත් මෙන්ම ගුණවත් රටට වැඩදායි වූ දරු පරපුරක් රටට දායාද කරන,ප්‍රදේශයටම ආලෝකයක් වූ ඉතා අගනා විදු බිමකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
නැණ ගුණ සපිරි දරු පිරිසක් තැනීම..
දැනුම කුසලතා හා ආකල්ප වලින් හෙබි සාරධර්ම අගයන අනාගත අභියෝග ජයගත හැකි පරිසර හිතකාමී දේශයට ආදරය කරන දරු පිරිසක් රටට දායාද කිරීම..